.sinhala{ font-family: 'malithi_webregular'; font-size:29px; }
Monday , November 20 2017
Home / Gossip / කැන්ගරුවන් අසරණ කරමින් ශ්‍රී ලංකාව තියුණු ජයක් ලබයි. – Video

කැන්ගරුවන් අසරණ කරමින් ශ්‍රී ලංකාව තියුණු ජයක් ලබයි. – Video

ශ්‍රි ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති දෙවන විස්සයි විස්ස තරඟයෙන් තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම  ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අවස්ථාව ලබා දුන්නා. එහිදී ඔවුන් පන්දුවාර 20 අවසානයේ සියළු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 173 ක් පමණයි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර නියමිත පන්දු වාර හතර අවසානයේදී ලකුණු 31 කට කඩුලු හතරක් දවාගත්තා.

පිළිතුරු වශයෙන් පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ  මුල්ම කඩුල්ල පළමු පන්දු වාරයේදීම දැවී ගියා. කෙසේ වෙතත් පන්දුවාර 20 අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. එහිදී අසල ගුණරත්න නොදැවී ලකුණු 84 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියා.

 

ඒ අනුව තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලියේ ජය 2-0 ලෙස ජයග්‍රණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

 

 

 

 

About

Check Also

WWE දෙවනත් කල John cena ගේ සැබෑ ආදරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Powered by themekiller.com